Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු සහ වනිතා කටයුතු අමාත්‍යාංශය
මුල් පිටුව නිතර අසන පැන

නිතර අසන පැන

  1. ළමයෙක් හදාවඩා ගැනීමට ගන්නේ කෙසේ ද?
    නීත්‍යානුකූල විවාහක දරුවන් නොමැති දෙමව්පියන් වන්නේ නම්, හා දරුවෙකු හදාවඩා ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඔබගේ ලිඛිත ඉල්ලීම ඒකක භාර ස්ථානභාර පරිවාස නිලධාරි වෙත හෝ පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් වෙත යොමු කරන්න.
  2. ළමා නිවාසයක් ලියාපදිංචි කළ යුත්තේ කෙසේ ද?
    ස්වේච්ඡා ළමා නිවාසයක් ලියාපදිංචි කිරීමේ අයදුම්පත හා බී පෝරමය පුරවා පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් වෙත යොමු කරන්න.
  3. ළමයෙක් නිවාසගත කරන ආකාරය:
    දරුවාගේ දෙමාපියන් හා භාරකරුවන් නොමැති විට හා ආර්ථික අපහසුකම් ඇති දරුවා හදාවඩා ගැනීම අපහසු අවස්ථා වලදී වයස අවු : 18 ට අඩු දරුවන් සම්බන්ධයෙන් ඔබගේ ඒකක භාර පරිවාස නිලධාරින් හෝ පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් වෙත යොමු කරන්න.
  4. ළමා අපයෝජන හා අපචාර සිදු වීම් පිළිබඳව ගත යුතු ක‍්‍රියා මාර්ග මොනවා ද? 
    මේ පිළිබඳව දැනුවත් වූ වහාම ඒකක භාර පරිවාස නිලධාරීන් දැනුවත් කරන්න.
  5. ළමා අයිතිවාසිකම් කඩවීමක දී ගත යුතු ක‍්‍රියාමාර්ග:
    ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප‍්‍රවර්ධන නිලධාරි, පරිවාස නිලධාරීන් හෝ පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් දැනුවත් කරන්න.
  6. විසිරි ගිය පවුලක් සඳහා පවුල් උපදේශනය ලබා ගත හැකි ආකාරය:
    ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප‍්‍රවර්ධන නිලධාරි හෝ පරිවාස නිලධාරීන් හමු වි සාකච්ඡා කරන්න.
  7. ළමා මෙහෙකාර සේවයේ ළමයෙකු මෙහෙකාර සේවයේ යොදවා ඇත් නම් ක‍්‍රියා කළ යුතු ආකාරය:
    ළඟම ඇති පොලිසියට, පරිවාස නිලධාරි, කම්කරු නිලධාරි හෝ පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් වෙත දැනුම් දෙන්න.
 
පෙබරවාරි 2019
බ්‍ර සි සෙ
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 1 2